
කලිසමක් අඳිනවනම් අනිවා බෙල්ට් එකකුත් ඕනි වෙනවා. නැත්තං ඉතිං හැලෙනවනෙ. :D මං කියල දෙන්න යන්නෙ හරි ක්‍රමේට බෙල්ට් එකක් තෝරගන්න හැටි.
ඔය නෝලිමිට්, ෆැෂන්බග් වගේ තැන්වල විතරක් නෙමේ පිටකොටුවෙත් බෙල්ට් තියනව පේමන්ට් එකේ. ඒත් මේව කෝකත් ගන්නකොට පරිස්සමෙන්. සමහර බෙල්ට් හදල තියෙන්නෙ යකඩ වලින් ඉතිං ඉණ කියන්නෙ නිතරම දහඩිය දාන ප්‍රදේශයක් නිසා මේ යකට බෙල්ට් ඉක්මනටම නාස්ති වෙනවා. ඒ විතරක් නෙමේ බෙල්ට් එකේ මලකඩ කලිසමෙත් ගෑවෙන්න පුලුවං.
ඔබ අඳින්නෙ කොට කලිසමක් නම් සැහැල්ලු, පළලින් අඩු බෙල්ට් එකක් තෝරගන්න. ඔබ අඳින්නෙ ඩෙනිම් කලිසමක් නම් පළලින් වැඩි සමහර විට ඔබ කැමති නම් බකල් එක ටිකක් විතර විශාල බෙල්ට් එකක් තෝරගන්න පුලුවං. ඒත් සාමාන්‍ය කාර්යාල හෝ වෙනත් වැදගත් ඇඳුම් සඳහා සාමාන්‍ය පළල සහිත බකල් එකේ ඒතරම් වැඩකෑලි නැති එකක් තෝරගන්න තරමට හොඳයි. විශේෂයෙන්ම කාර්යාල ඇදුම් සඳහා දිලිසෙන බෙල්ට් පැළඳීමෙන් ඔබේ පෙනුමට අමුතු sexy ගතියක් එක බව කිව යුතුයි. :p. එවගේම මේ බකල් වල හැඩය පවා වැදගත්. මම නම් කියන්නෙ හතරැස් හැඩයෙන් යුත් බකල් සහිත බෙල්ට් වඩාත් පෙනුමක් තියනව.
ඊ ළඟ ප්‍රශ්නය බෙල්ට් එකේ දිග. මුලින්ම ඔබේ ඉනේ ප්‍රමාණය මැනගන්න. එක එක අය කලිසං අඳින්නෙ එක එක තැන් වලට. සමහරු ඉණට, සමහරු බඩට. තවත් සමහරු ඉනෙන් පහලට. සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට ඇඟිලි 3ක පළළ විතර පහලට මැන්නම තියන ප්‍රදේශයට. අපැහැදිලි නම් පහළ පින්තූරෙ බලන්න. මිනුම් පටියෙන් මැනල තියෙන්නෙ ඉණ. ඉතිං සමහරුන්ට මේක වෙනස් වෙන්න පුලුවං. කලිසම් ගැන කතා කරනකොට මං මේ ගැන තවත් කියන්නම්.

ඉතිං දැං ඉණේ ප්‍රමාණය මැන්නනෙ. බෙල්ට් එකේ දිග, ඉණේ ප්‍රමාණයට තවත් අඟලක් එකතු කලාම කියන ප්‍රමාණයයි වෙන්නෙ. කෝකටත් බෙල්ට් එක පන්ච් කරන්න කලින් මේක හරියටම මැනගන්න. බෙල්ට් පන්ච් කරනකොට එක එක උල් වලින් අනින්න එපා. ඒ සඳහා විශේෂ අඩුවක්ම පාවිච්චි කරන්න.
ඊ ළඟට වර්ණය. නිතරම සපත්තුවේ වර්ණයට බෙල්ට් එකේ වර්ණය ගලපන්න. උදා. සපත්තුවේ වර්ණය දුඹුරු නම් බෙල්ට් එකත් දුඹුරු. එවගේමයි මං කලින් කිව්වනෙ දිලිසෙන බෙල්ට් කාර්යාලයට වඩාත් සුදුසුයි කියල. එහෙම කිව්වෙ දිලිසෙන සපත්තු වලට වඩාත් ගැලපෙන්නෙ දිලිසෙන බෙල්ට් වීම නිසා.
අවසාන වශයෙන් කලිසම ඇඳල ගෙදර ආවම බෙල්ට් එක ගලවල පැත්තකින් එල්ලල තියන්න. බෙල්ට් රෝල් කරන්න එපා. එහෙම කලාම මැහුම් ගැලවෙනවා. ඒ වගේම මෙන්න මේ ටිකත් මතක තියාගන්න. ගොඩක් විශාල බකල් සහිත බෙල්ට් අඳින්න එපා ඒව හරියන්නෙ කව් බෝයිස්ලට. ඒ වගේම බෙල්ට් නැතුව ෂර්ට් යටකරල කලිසම් අඳින්නම එපා. එහෙම ඇන්දම හරි කැතයි :(. බෙල්ට් එකක් නැත්තං ෂර්ට් එක යට නොකර උඩින් දාල යන්න.
හික්... :D
ReplyDeleteබ්ලොග් එක නියමයි... එත් මට නං ටූ ලේට්... :) දැනට දවස් දෙකතුනකට කලින් බරරරරරර වියදමක් කරලා මාත් ගත්තනේ ඇඳුම්... office අඳින්න... :P
තව දෙයක්.... ඔය තඩි ගෝනුස්සෝ මකුළුවෝ ඉන්න බෙල්ට් කාර්යාලයත් එක්ක ගැළපීම ගැන අදහස මොකක්ද?
@ශාකුන්තල
ReplyDeleteස්තූතියි..
ඊයෙ රෑ පටන්ගත්ත බ්ලොග් එක එක දවසින් සින්ඩියටත් වැටුනා..:)
@ශාකුන්තල
ReplyDeleteආ අර ගෝනුස්සො ඉන්න බෙල්ට් නං ඔෆිස් අඳින්න හරියන්නෙම නෑ. අඳින අනික් ඇඳුම් වල තියන වටිනකමත් නැති වෙලා යනව. :)
niyama wadak . . .jaya wewaa . ..
ReplyDeleteඔහොම යන්.එල කිරි වැඩක්.මේ කෙල්ලො හිතන් ඉන්නෙ අපි නිකන් වැද්දො වගෙ ජාතියක් කියල.
ReplyDelete"සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට ඇඟිලි 3ක් විතර පහලට මැන්නට තියන ප්‍රදේශයට."
ReplyDeleteඇඟිලිද අඟල්ද?
ඇගිල්ලක් අඟල් 3ක් විතර වෙනවා
එතකොට ඇඟිලි 3ක් අඟල් 9යි.
Ela Blog eka Ikmanata thawath post ekkae danna
ReplyDelete"ගයාන් තාරක said...
ReplyDelete"සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට ඇඟිලි 3ක් විතර පහලට මැන්නට තියන ප්‍රදේශයට."
ඇඟිලිද අඟල්ද?
ඇගිල්ලක් අඟල් 3ක් විතර වෙනවා
එතකොට ඇඟිලි 3ක් අඟල් 9යි."
මේ කතාව දැක්කම ඉස්සර අපේ ඉස්කෝලෙ වෙච්ච සිද්දියක් මතක් වුණා. දවසක් ශිෂ්‍ය විනය භාර ගුරුතුමිය දිග කළිසම් පංති වල කොල්ලන්ගෙ විනය පරීක්ෂා කරමින් හිටියා.(කෙල්ලන්ගෙ බලන්නෙ ගවුම් කොටද කියලයි). එදා බැලුවෙ කළිසම. අනේ! එක කොළුවෙක්ගෙ කළිසම බිමට වැටෙන්න ඔන්න මෙන්න තරම්. අර ටීචට අනුකම්පා හිතිලද මන්දා කොළුවව ළඟට කැඳෙව්වා. කළිසම හදන්න නෙමේ. කොළුවට කළිසම ගලවල ඔළුවෙ ඔතාගන්න හිතෙන දෙයක් කීවා. "ළමයො ඔය ළමයගෙ අහවල් එක ඔච්චර පහළද තියෙන්නෙ " ඇහුවෙ නැතැයි:-p
"විශේෂයෙන්ම කෙල්ලො කැමති නෑ බෙල්ට් නැතුව කලිසම් අඳිනවට"
ReplyDeleteඒ කොහොමද? මට එහෙම නිච්චයක් දැනුනේත් දැනෙන්නෙත් නෑනේ? (මෙහේ; තැකඩාවේ කොලුවෝ බෙල්ට් නැතිව ඕන තරම් අදිනකොට සුරූපීයෝ සෙට් වෙද්දී කතාව බොරු වගේ හිතෙන්නේ ;) )
@මගේ ජීවිතය
ReplyDeleteඒක නියම කතාව. :D
හොඳ ලිපියක්..
තැකඩාව තියෙන්නෙ කොහේද? අහලා නැති පලාතක්...
ReplyDeleteමේක නං සිරා වැඩක්. එළ එළ! මට නං ඇඳුම් ගැන මෙලෝ රහක් නෑ නෙව. ඉතින් දිගටම ලියන්න. මටත් ඇඳුමක් ඇඳගෙන පාරෙ බැහැල යන්න පුලුවන් වෙයි එතකොට. ;)
ReplyDeleteජය!
අනේ මම නම් බෙල්ට් පාවිච්චියක් නෑ. ඒක කොච්චර සිම්පල් පැලැන් එකක්ද ? නේද :D
ReplyDelete@ගයාන් තාරක
ReplyDeleteසමාවන්න.. මම ලියපු දේ හරියට වැටිල නෑ වගේ මම ලිපියේ පොඩි වෙනසක් කලා.
@දුකා
@NiroshanSL
බොහෝම ස්තූතියි :)
@මගේ ජීවිතය
මරු කතාව.. :D
@~බිன்ku~
මම කිව්වෙ ෂර්ට් එක යට කරල අඳිනකොට බෙල්ට් නැතුව කැතයි කියල. කොහොම උනත් කෙල්ලො සෙට් වෙනව නං ඉතිං මොකෝ. මාත් සමහර වෙලාවට බෙලට් නැතුව යනව. ටී ෂර්ට් එක උඩිං දැම්මම ඕව පේන්නෙ නෑනෙ.
@Supun Sudaraka
ස්තූතියි ! :D
@Bunny !
:D
ඉස්තුතියි...දිගටම ලියන්න...
ReplyDeleteඉස්තරම් ලිපි පෙලක් :)
ReplyDeleteපට්ට පීකුදු බ්ලොග් එක මම අදයි මේ පැත්තට ආවේ දිගටම ලියන්න හැඩට වැඩට කැමති ඩීසන් කොල්ලෝ අනිවා මේ පැත්තේ දිගටම සැරිසරනවා ෂුවර්
ReplyDeleteඒ උනාට දැන් යන්නේ බෙල්ට් නැතුව ෂර්ට් යට කරලා අදින කාලව නේද??
ReplyDelete