Wednesday, March 3, 2010

කොන්ඩා කැපීම

අද අපි බලමු කොහොමද හොඳ කොන්ඩ මෝස්තරයක් කපාගන්නෙ කියල. හොඳ කොන්ඩ මෝස්තරයකට නම් හොඳ ශිල්පියෙකුත් අවශ්‍යයි. මුලින්ම හොඳ සැලොන් එකක් තෝරගන්න. ඔය නම ගිය සැලොන්වල ගාන සැර උනාට වැඩත් ඇත්තටම ගොඩක් හොඳයි. සැලොන් එකක් තෝරනකොට පිරිමින්ගේ කොන්ඩ කැපීම සඳහාම වෙන්වුනු සැලොන් එකක් තෝර ගන්න. උදා: වජිර සැලොන්- බම්බලපිටිය (මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :) )  ඒකට හේතුව කාන්තාවන්ගෙ කොන්ඩ මෝස්තර දාන අයට වඩා වඩාත් හොඳ පෞරුෂයක් තියන විදියට මේ අය කොන්ඩය කපන නිසා. යාළුවො කොන්ඩෙ කපන්නෙ කොහෙන්ද කියල එයාලගෙන් අහල දැනගන්න. එයාලගෙ කොන්ඩය හොඳින් කපලද කියල නිරීක්ෂනය කරන්න. ටවුමෙ හොඳයි කියල හිතෙන සැලොන් එකකට ගිහින් එකපාරක්වත් ට්‍රයි කරල බලන්න. හැබැයි එක පාරක් හරි හරියට කැපුවෙ නැත්තං ආයෙ පැත්ත පලාතකවත් යන්න නං එපා. :p

සමහර සැලොන්වල ඕනිනම් appointment එකක් දාගන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් නම් කොන්ඩ මෝස්තර ශිල්පියාට නිදහසේ වෙලාව අරගෙන ඔබේ කොන්ඩ මෝස්තරය කපන්න පුලුවං. හොඳ පෙනුමකට මේක ඉතා වැදගත්. හැබැයි ඔයා එතෙන්ට කල් වේලා ඇතුව යන්න. :p


උඩ තියන පින්තූරෙ බලන්න. පළවෙනි පින්තූර දෙකේ කොන්ඩය කපල තියන විදිය අපිලිවෙලයි. පළවෙනි එකේ කොන්ඩෙ කපල තියෙන්නෙ තැනින් තැන. දෙවනි එකේ කොන්ඩය අවසාන වෙන තැන (border) අපැහැදිලියි. ඒත් තුන්වෙනි එකේ වෙන්වෙන තැන් හරිම පැහැදිලියි වගේම එකම විදියට කපල තියනව. මීට අමතරව කොන්ඩය කැපුවම බලන්න, අනවශ්‍ය විදියට කෙස් ගස් උඩට පැනල තියනවද කියල. එහෙම පැනල තියනව කියන්නෙ ශිල්පියාගෙ තියන අදක්ෂකම තමා.

ඊ ළඟ දේ තමා පිටිපස්සෙන් හරහට කපනවද නැද්ද කියන එක. මම නං කියන්නෙ හරහට කපන්න එපා කියල. බලන්න මේ පිංතූරෙ 


මේ තියෙන්නෙ හරහට කපපු සහ නැති කොන්ඩ දෙකක්. වම් පැත්තෙ තියෙන්නෙ කපපු අළුත පේන හැටි. දකුණුපැත්තෙ තියෙන්නෙ දවස් කීපයක් ගියාම පේන හැටි. බලන්න හරහට කපපු කොන්ඩෙ (blocked) තියන අපිලිවෙල. ඒත් හරහට කපපු නැති කොන්ඩෙ (tapered) ලස්සනට පිලිවෙලට තියනව.


තමන්ට ඕනි මෝස්තරය ගැන ශිල්පියාට හොඳින් කියල දෙන්න. කොන්ඩ මෝස්තර ශිල්පියා සමඟ හොඳින් සුහද වෙන්න. ලැජ්ජ වෙන්න එපා. තමන් කැමති මෝස්තරය ඕනි නං පින්තූරෙකින් පෙන්වන්න පුලුවං. හැබැයි මතක තියාගන්න කොන්ඩ මෝස්තරයක් තෝරගන්න ඕනි තමන්ගෙ මූණේ හැඩේට ගැලපෙන විදියට. මම මේ ගැන පස්සෙ පැහැදිලි කරන්නම්.

හැම මුහුණකටම හැම මෝස්තරයක්ම ගැලපෙන්නෙ නෑ වගේම හැම කොන්ඩෙකින්ම හැම මෝස්තරයක්ම කපන්නත් බෑ. සමහර මෝස්තර ඔබේ කෙස්ගස්වලින් කරන්න බැරිවෙන්න පුලුවං. ඔබේ කොන්ඩයට හෝ ඔබේ මුහුණට ඔබ තෝරපු මෝස්තරය ගැලපෙන්නෙ නැත්නං ‍කොන්ඩ මෝස්තර ශිල්පියා ඔබට උදව් කරයි. (එයාට සල්ලි දෙන්නෙ ඕවටත් එක්ක තමා) ඔහු කියන දේටත් ඇහුම්කන් දෙන්න.

ඔබට ඇති කාර්යබහුලත්වයත් සමඟ තේරිය යුතු කොන්ඩ මෝස්තරය වෙනස් විය යුතුයි. උදේට ලෑස්තිවෙනකොට පැයගානක් කොන්ඩෙ හදන්න වෙන්කරන එක සමහර විට කාලය අපතේ යාමක්. ඒවගේම නිතරම කොන්ඩෙට සාත්තු කරන්න අවශ්‍ය නම් ඒකත් සමහර විට කරදරයක් වෙන්න ඉඩ තියනව.

පුළුවන් නම් කොන්ඩ මෝස්තරය කාලෙන් කාලෙට වෙනස් කරන්න. ඔබේ මේ පුංචි වෙනස යාළුවො විතරක් නෙමේ හැමෝම (ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇතුළුව) ලොකු වෙනසක් විදියට දකියි.

18 comments:

  1. තට්ටෙ තිබ්බොත් මොකද කරන්නෙ?ක

    ReplyDelete
  2. හික්... :D උඹ නම් මාරයි ඈ... :P
    පළවෙනි දවසෙම අපේ බොස් කිව්ව නෙව කොණ්ඩෙ කපාගෙන එන්න කියල.... හැබැයි මේක දකින්න කලින් මම කොණ්ඩෙ කපල ඉවරයි. :P

    ReplyDelete
  3. ගොඩක් දේවල් ඉගෙනගත්තා .. බොහොම ස්තූතියි

    ReplyDelete
  4. එල කොල්ලෙක් නෙ ඔයා.. කොන්ඩෙ ගැනම තව Elaborate කරන්න බැරිද?

    ReplyDelete
  5. එලස්... මෙච්චර කල් මේකේ එවුන් හරියට ෆැෂන් එකක් කරගන්න දන්නෑ :D

    ReplyDelete
  6. ඔයා barber කෙනෙක්ද??????????hik hik

    ReplyDelete
  7. මන් නම් තාම නෑඹිලි කට්

    ReplyDelete
  8. කොණ්ඩෙ කපාගනින් කියල ගෙදරින් වෝනිං එකක් දුන්න විතරයි

    ReplyDelete
  9. superb . . .. niyamai me uba karana wade nam.

    ReplyDelete
  10. මම නම් අවුරුද්දකට එක පාරක් විතර තමයි කොන්ඩෙ කපන්නෙ. :p

    ReplyDelete
  11. පට්ට! මං නං කියන්නෙ මේක සෑහෙන අඩුපාඩුවක් පුරවන බ්ලොග් අඩවියක්. දිගටම ලියන්න!

    ReplyDelete
  12. @nadeesthoughts
    තට්ටෙත් ෆැෂන් එකක් කරගන්න පුළුවන්. මං ඒව ගැනත් වෙලාවක ලියන්නංකො.

    @ශාකුන්තල
    බොස් එහෙම කිව්වද? මාර බොසෙක් නෙ :D

    @Anu
    :)

    @Amila
    බලමු වෙලාවක කොන්ඩෙ ගැන තව දේවල් ලියන්න

    @Anonymous
    :D

    @රාජිත අනුරාධ
    කාලයක් එහෙම හිටියා දැං නං වෙනින් ජොබක් කරන්නෙ.

    @ම
    සරලයි පුදුමයි :D

    @ගයාන් තාරක
    කොන්ඩය වැවීමත් මානුෂික අයිතිවාසිකමක් :D

    @දුකා
    Thank You =)

    @Anonymous
    කොන්ඩෙ කොච්චර දිගද? කොන්ඩෙ වවනව නං ඒකත් ලස්සනට කරන්න ඕනි. ආවට ගියාට කලොත් හරියන්නෙ නෑ. :)

    @Supun Sudaraka
    බොහොම ස්තූතියි..

    ReplyDelete
  13. උඹ මේ කරාබු දාපු පොන්නයෙක්ගෙ පින්තූර දාල තියෙන්නෙ අපේ සංස්කෘතිය විනාශ කරන්නද? මේවද අපේ තරුන පරම්පරාව අනුගමනය කරන්න ඕනේ?

    ReplyDelete
  14. @Anonymous
    මම ඔය පින්තූරෙන් පෙන්නුවෙ කරාබුවක් නෙමේ කොන්ඩයක්. ඕක තේරුම් ගන්න බැරිනං ඉතිං මට කරන්න දෙයක් නෑ. කරාබුවක් දැම්ම කියල සංස්කෘතිය විනාශ වෙනවද? මං දැනං හිටියෙ නෑනෙ.

    අනික ඉස්සර කාලෙ අපේ රජවරු සෙනෙවිවරුත් තෝඩු දැම්මෙ O_o..

    ReplyDelete
  15. නියම බ්ලොග් එකක්.
    දිගටම ලියන්න. ජය!

    ReplyDelete
  16. පට්ට කොල්ලෝ පට්ට

    ReplyDelete
  17. පට්ට පට පට,මටත් මේ මගේ වලස් තොප්පියට කරන්නේ මොකද්ද කියල හිතාගන්න බැරුව ඉන්නේ :(

    ReplyDelete
  18. මෙ කොන්ඩ සීන් 1මට එපා වෙලා තිබ්බෙ.. ඔයාගෙ බ්ලොග් 1නියමයි ඈ.. අර කිව්ව කොන්ඩ මෝස්තර මූනත් එක්ක ගලපන විදිය ඉක්මනින්ම ලියන්ඩො...............

    ReplyDelete