Thursday, February 9, 2012

සුදු වෙන්නෙ කොහොමද?


මං මේ ලියන සමහර දේවල් කොල්ලන්ට නෙමේ කෙල්ලන්ටත් වටීවි. ඔන්න කියන්න යන්නේ සුදු වෙන හැටි. මුලින්ම කියන්න ඕනි සුදු වෙනව කියන්නෙ ලස්සන වෙනවා කියන එකම නෙමේ. තලෙලු ඒත් ලස්සන අය ඉන්නව ඕනි තරං. තමංගෙ හම පැහැපත් නං (ලප කැලැල් අවමයි නම්) අන්න ඒකයි ලස්සනයි කියන්නෙ.  

සුදු වෙන හැටි...
පළවෙනි ‍දේ.. ඉර එළියෙන් හැකිතරම් ඉවත්ව සිටින්න. අධික හිරු එළිය නිසා ඔබේ සමේ පැහැය අවපැහැගැන්වෙනවා. එළියට යනවා නම් සන් ‍බ්ලොක් (Sunblock) එකක් පාවිචිචි කරන්න. සන්බ්ලොක් වර්ග ඕනි තරං තියනව වෙළඳපලේ ගන්න. සමහර සන්බ්ලොක් වර්ග මුහුණට වෙනම සහ අත් සහ පාද වලට වෙනම තියනව.


සන්බ්ලොක් එකක් ගන්නකොට බලන්න ඕනි ඒවයෙ මුද්‍රණය කරල තියන SPF (Sun protection factor) අගය. අගය වැඩි වෙන තරමටම හිරු එළියෙන් සම ආරක්ෂා වීමත් වැඩියි. සාමාන්‍යයන් SPF අගය 30ක් පමණ වෙන සන්බ්ලොක් එකක් ලංකාවෙ ඉන්න අපට වඩාත් හොඳයි.

ඕක තමා සුදු වෙන්න පුළුවං ලේසිම ක්‍රමේ. ඊට අමතරව ගෙදර ඉඳන් කරන්න පුළුවං ගොඩ වෙදකම් ටිකකුත් කියන්නං. හැබැයි මේ දේවල් කරනවනම්, හිරු එලියට නිරාවරනය වෙනව නම් අනිවාර්යෙන් සන්බ්ලොක් එකක් පාවිච්චි කරන්න. ‍ ගෙදර ඉන්නවනම් අඩුම ගානෙ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. මොකද දැං කියන්න යන දේවල් වලදි සමේ උඩින් තියන මැරුනු සම අයින් වෙලා යට තියන අළුත් සම නිරාවරණය වෙනවා. මොයිස්චරයිසර් එකක් පාවිච්චි කලේ නැත්තං හම රැලි ‍වැටෙන්නත්, සන්බ්ලොක් එකක් පාවිච්චි කලේ නැත්තං තිබ්බටත් වඩා අවපැහැගැන්වෙන්නත් ඉඩ තියනව.

ගෙදර සිට සත්කාර..
ලෙමන් හෝ දෙහි බෑයක් මූනේ අතුල්ලන්න. විනාඩි 15-20ක්  තියල හෝදල දාන්න. දෙහි වල තියන ආම්ලක තාවය නිසා මුහුනේ තියන පැල්ලම් අඩු වේවි. කැමති නම් ලෙමන් සමඟ මී පැණි පාවිච්චි කරන්නත් පුළුවන්.

අල ගෙඩියක් බ්ලෙන්ඩරේ දාල චප්ප කරල ඒකෙ යුෂ අරං මූනේ ගාන්න. විනාඩි 15-20ක්  තියල හෝදල දාන්න. තක්කාලි, ඉදුනු කෙසෙල්, තක්කාලි, ග්‍රීන් ටී උනත් මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්.

තවත් සමහරු මී කිරි හෝ යෝගට් පාවිච්චි කරනව. මේකත් හොඳ ක්‍රමයක් සුදු වෙන්න. මීට අමතරව සතියකට විතර වතාවක් ස්ක්‍රබ් එකක් කරන්න පුළුවං නං සමේ උඩින් තියන මැරුනු සම අයින් වෙලා යට තියන අළුත් සම නිරාවරණය කරගන්න පුළුවන් .. එත් මතක ඇතුව මොයිස්චරයිසර් හෝ සන්බ්ලොක් එකක් පාවිච්චි කරන්න.

අවසාන වශයෙන්, සුදු වෙනඑක එක දවසින් වෙන්නෙ නෑ. ඒකට මාස කීපයක් යනව. :) තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

3 comments:

  1. sahenna watina blog ekak.sthuthiy sahodaraya.. :) digatama karagena yanna magen suba pathum.

    (Him)

    ReplyDelete
  2. කොල්ලො සුදු වෙන එක තේරුමක් නෑ. එතකොට සෙක්ස් කරනකොට නිකම් ලෙස්බියන් වගේ ගතියක් එයි. ඒ නිසා කොල්ලො උත්සාහ කරන් ඕනි කලු වෙන්න..සහ රලුවෙන්න..

    ReplyDelete
  3. මේක දැන් ලියන්නෙ නැද්ද? කොල්ලො අපි කාටත් ගොඩක් වටින තොරතුරු ඇතුලත් බ්ලොග් එකක් මේක. කරුණාකරල පුලුවන් පුලුවන් වෙලාවට මේකට අලුත් ලිපි ලියල දාන්න.

    ReplyDelete