Showing posts with label shoes. Show all posts
Showing posts with label shoes. Show all posts

Saturday, March 6, 2010

ඇඳුම් තෝරන විට... (casual wear)

මම අද කියන්න යන්නෙ කැෂුවල් ඇඳුම් තෝරන විට මොන වගේ ඇඳුම්ද තෝරගන්න ඕනි කියල. පිරිමි කැෂුවල් ඇඳුම් ප්‍රධාන වශයෙන් ටී ෂර්ට් හෝ ෂර්ට් සහ කලිසම් හෝ ඩෙනිම් කලිසම් ලෙස බෙදන්න පුළුවන්.

මේ හැම එකකදීම පාට තුනකට වඩා යන්න එපා. එහෙම ගියොත් අච්චාරුවක් වෙයි. ඇඳු‍මේ වටිනාකම පේන විදියට ඇඳුම් ගලපන්න. ඒ වගේම හැම ඇඳුමක්ම තමන්ගෙ ඇ‍ඟේ ප්‍රමාණයට ගැලපෙන විදියට තෝරගන්න.

ඇ‍ඟේ ප්‍රමාණයට වඩා විශාල ටීෂර්ට් සහ ෂර්ට් ඔබේ ඇ‍ඟේ හැඩය හංගනවා.  බැගි ෂර්ට් ඇන්දෙ 90 ගණන් වල දැන් ඒව එච්චර ගනන් ගන්නෙ නෑ. ඔබ කෙට්ටු නම් ඒ ගැන වද වෙන්න එපා. හැමෝම ලස්සනයි. ලොකු ඇඳුම් ඇන්ද කියල‍ ඔබ ලොකුවට පේන්නෙ නෑ. එහෙමයි කියල කිටි කිටියට හිර ඇඳුම් ගන්නත් එපා. ටී ෂර්ට් හෝ ෂර්ට් වල, කර ළඟින් ගානට හරි ගිය තරමින් ඉතිරි ටික නිකන්ම හරියන්නෙ නෑ. එක එක අයගෙ ශරීරයේ හැඩ පරිමාණ වෙනස් සමහරුන්ගෙ උරෙස් පළල් ඒත් ඉණ ටිකක් පොඩියි. තවත් සමහරුන්ගෙ බෙල්ල මහතයි. ඒ නිසා හැම තැනින්ම ගානට හරියන ඇඳුම් විතරක් තෝරගන්න.

නිතරම ටී ෂර්ට් සහ ෂර්ට් තෝරන විට උරහිස සහ අත අසල මැස්ම නිවැරද තැන තියනවද බලන්න. එම මැස්ම තියෙන්නෙ උරහිසෙන් ඉහල හෝ පහල නම් ඒ ඇඳුම ගැලපෙන්නෙ නැහැ.


ඔබේ උස අනුව ටී ෂර්ට් හෝ ෂර්ට් වල උස තෝරගන්න. විශේෂයෙන්ම ඕනෑවට වඩා උස ටී ෂර්ට් ඇන්දම ඒව නිතරම පිටිපස්සෙ පැටලෙනවා. මේක ටිකක් කරදරයක්. ටී ෂර්ට් එකේ උස, බෙල්ට් එකට ටිකක් පහලට වඩා යටට ගන්න එපා.

කලිසම් තෝරනකොට නිතරම ඉණ මනින්න. කලින් ලිපියක මම කිව්වා ඉණ හරියටම තියෙන්නෙ කොතනද කියල. ඔබ ගන්නෙ ඩෙනිමක් නම් හරිගානට වඩා ටිකක් වැඩියෙන් ගත්තට කමක් නෑ. ගොඩක් ඩෙනිම් හෝදනකොට ටිකක් විතර පුංචි වෙනවා. ඉණ හරියටම තද කරගන්න බෙල්ට් එකක් පාවිච්චි කරන්න.

ඩෙනිම් ගැන තව ගොඩක් දේවල් මම ඉස්සරහටම කියන්නම්. දැනට මෙන්න මේ ටික මතක තියාගන්න. ඩෙනිමේ පිටිපස්ස ඕනෑවට වඩා බැගී තියන ඒව ගන්න එපා. ඒව ඇන්දම ඇ‍ඟේ හරි හැඩය එන්නෙ නෑ. ‍එහෙමයි කියල ඕනවට වඩා කිටි කිටියට හිර ඒව ගන්නත් එපා. අනාගතේ ආරක්ෂා කරගන්න.
බැගී ‍‍‍ඩෙනිම් :(

ඒ වගේම කලිසම් වල උස ඉතා වැදගත්. ඩෙනිම් වල උස තෝරනකොට පහලින් ටිකක් රැළි තිබනට කමක් නෑ. ඒත් කලිසම් වල එහෙම රැළි තිබීම අවලස්සනයි. සපත්තුවේ අඩිය අසල තමා කලිසමේ උස තිබිය යුත්තේ. තවත් දෙයක් කලිසම් වල කකුල දිග නම් නවන්න එපා. ටේලර් කෙනෙකුට කීයක් හරි දීල කකුල අඩු කරල මහගන්න.

හොඳ ගැලපුමක් :)

ඕනෑවට වඩා වැඩි වැඩ දාන්න යන්නත් එපා. උදා- යකඩ දම්වැල් සහිත ඩෙනිම් කලිසම + දිලිසෙන ප්‍රින්ට් සහිත ටී ෂර්ට් එක. අපේ අය ගොඩදෙනෙක් කරගන්න වැරැද්දක් මේක. චාම් ඒත් පෙනුමක් එන විදියට ඇඳුම් තෝරගන්න. දීප්තිමත් වර්ණ වලට යන්න. සියල්ල ලා පාට හෝ සියල්ල තද පාට වලින් තේරීමෙන් වලකින්න.

ඇඳුම් වල වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. පාට තුනකට වඩා යන්න එපා කියල මං කලිනුත් කිව්වනෙ. ඔබ තේරුවෙ ඩෙනිමක් නම් තනිපාටක ප්‍රින්ටඩ් ටී ෂර්ට් එකක් හොඳින් ගැපපෙනව. උදා-නිල්පාට ඩෙනිම + සුදු පාට ටී එක. ලා පාට සහ තද පාටවල් එකිනෙක ගලපන්න. ඩෙනිම් කලිසමේ වැඩිය මෝස්තර නැත්නම් මෝස්තර වැඩිය තියන ෂර්ට් එකක් හෝ ටී ෂර්ට් එකක් තෝරගන්න. 

අවසාන වශයෙන් හොඳ සපත්තු කුට්ටමක් සහ බෙල්ට් එකක් භාවිතා කරන්න. දැං කාලෙ සැන්ඩල්ස් දෙකක් ගන්නවට වඩා සපත්තු දෙකක් ගන්න එක ලාබයි.

Thursday, March 4, 2010

කකුල් සහ සපත්තු දුර්ගන්ධය



ඇඳුම් සහ තමන්ගෙ රූපය ගැන විතරක් නෙමේ සෞඛ්‍ය ගැනත් ලිපියක් ලියන්න හිතුවා. මේ ලියන්නෙ (ඇත්තටම ටයිප් කරන්නෙ) කකුල් සෞඛ්‍ය ගැන.

තමන්ගෙ සපත්තු සහ කකුල් වලින් හමන දුර්ගන්ධය තමන්ට ප්‍රශ්ණයක් විදියට නොපෙනුනාට අනෙක අයට හරිම බැරෑරුම් ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා සමාජය ඉදිරියේ සමහරු නොයෙක් අවස්ථාවලදී ලැජ්ජාවට පත්වෙනවා. සමහර විට ඔබට නොදැනුනාට ඔබේ සපත්තුවේ දුර්ගන්ධය අනෙක් අයට භයානක විදියට දැනෙනවා. සමහරුන‍්ගෙ සපත්තු වලින් එන්නෙ මිනී කුණු ගඳ :p

ඉතිං ඇයි මෙහෙම වෙන්නෙ? අපේ කකුල් වලින් අධික ලෙස දහඩිය පිට වෙනවා. සාමාන්‍යයෙන් කකුල් දෙකෙන් දවසකට පයින්ට් එකක විතර දහඩිය පිට වෙන්න පුලුවන් ලු. :o  නමුත් මෙහෙම දුර්ගන්ධය හමන්නෙ ඒ දහඩිය නිසා නෙමේ. ඒ මත පදිංචි වෙලා ඉන්න බැක්ටීරියා නිසා. අපේ හම මත ඉන්න බැක්ටීරියා අපේ හමේ මැරුණු සෛල ආහාරට ගන්නවා. සපත්තුව ඇතුලෙ තියන කලුවර , ආර්ද්‍රතාවයෙන් වැඩි පරිසරය බැක්ටීරියා වලට තවත් උදව් කරනවා.

ගඳ ගහන කකුල් වලට මොකද කරන්නෙ? පළවෙනි දේ හොඳින් සෝදන්න. නිකං වතුර දාල හෝදල හරියන්නෙ නෑ. දවස් දෙක තුනකට වතාවක්වත් මෙහෙම කරන්න. වතුර එකක් සාමාන්‍ය ගානට රත් කරල ඒකට ෂැම්පු ටිකක් දාගන්න. ෂැම්පු වෙනුවට තේකොළ හැඳි 2-3ක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. තේ වල තියන ටැනික් අම්ලයට බැක්ටීරියා වර්ධනය ගොඩක් දුරට නවත්තන්න පුලුවං. ඒත් ඉතිං තේ කකුල් වලට දාන්න ලෝබයි වගේ නං ෂැම්පු ටිකක් පාවිච්චි කලාට අවුලක් නෑ. ;)



දැන් වතුර එක නිවෙන්න කලින් කකුල් දෙක උණු වතුර එකේ දාගෙන ඉන්න. කකුල් හොඳින් අතුල්ලල සෝදන්න. විශේෂයෙන්ම ඇඟිලි අතර ප්‍රදේශය හොඳින් සෝදන්න. කකුල Pumice Stone එකකින් අතුල්ලන්න පුළුවන් නම් හොඳයි. මේකෙන් අර මැරුණු සම් කොටස් ඉවත් වෙනවා. එතකොට ඒව සපත්තුව ඇතුලෙ රැ‍ඳෙන්නෙ නෑ. Pumice Stone සාමාන්‍යයෙන් සුළු ගානකට මිළදීගන්න පුළුවන්. හැබැයි Pumice Stone එකෙන් තදින් අතුල්ලන්න නම් එපා. කකුලක් කඩෙන් ගෙන්න වෙයි. :p බුරුසුවකින් ඇතිල්ලුවත් මැරුණු සම් කෑලි ගොඩක් දුරට ගැලවිලා හේදිලා යනව.

Pumice Stone


කකුල් වල පිරිසිදුකම ආරක්ෂා නොකලොත් විවිධ ආකාරයේ පුස් වර්ග, විශේෂයෙන්ම ඇඟිලි අතර ඇතිවෙන්න පුළුවන්. මේව ඉතා වේදනාකාරියි වගේම සුව කරන්න හරිම ආමාරුයි. හරි ප්‍රතිකාර
නොකලොත් තත්වය ගොඩක් බරපතල වෙන්න පුළුවන්.


නිතරම කපු හෝ කපු මිශ්‍ර ඝනකම් මේස් පාවිචි කරන්න. හැබැයි business shoes වලට නම් ඝනකම් මේස් දාන්න අමාරු ඇති. එහෙම නම් සාමාන්‍ය ඝනකම තියන කපු මේස් පාවිච්චි කරන්න. නයිලෝන් මේස් වලට දහඩිය උරාගන්නෙ නැති නිසා දාඩිය, කකුල වටා තැන්පත් වෙනවා. බැක්ටීරියා වලට මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා මොන වෙලාවකවත් නයිලෝන් මේස් පාවිච්චි කරන්න එපා. ඒ වගේම එකම මේස් එක දවසකට වඩා පාවිචිච් කරන්න එපා. දවසට එක මේස් කුට්ටම ගානෙ තියාගන්න. මේස් නැතුව සපත්තු දාන්නම එපා.


සපත්තු මිළදී ගන්නකොට කකුලට හොඳින් හුස්ම ගන්න පුළුවන් සපත්තු තෝරගන්න. සපත්තු කුට්ටම් කීපයක් තියාගන්න. එකක් පාවිච්චි කරල ඊ ළඟ දවසෙ වෙනින් එකක් දාන්න. කලින් දවසෙ සපත්තු දෙක හොඳින් විවෘතව වේලෙන්න දෙන්න. විශේෂයෙන් වැසි දවස්වල සපත්තු තෙමුනම අපේ අය තෙත පිටින්ම දාගෙන යනව. ඒක කොහෙත්ම හොඳ නැති දෙයක්. සපත්තු නිතරම වියලිව තියා ගන්න. ෆාමසියෙ තියනව athlete foot powder කියල ජාතියක්. මේවයෙ ගොඩක් වෙලාවට තියෙන්නෙ ටැල්කම් පවුඩර්. මේව සපත්තු දාන්න කලින් කකුලට විශේෂයෙන් කකුලෙ ඇඟිලි අතරට දාන්න. මේ මගින් ඇඟිලි අතර වියලිව තබාගන්න පුළුවන්. මතක ඇතුව ඊ ළඟ දවසෙ පවුඩර් දානකොට කලින් දවසෙ පවුඩර් සපත්තුවෙන් අයින් කරන්න.



බස්එකේ, ඔෆිස් එකේ නිකං ඉන්න වෙලාවට, අනික් හැම පුළුවන් වෙලාවකම සපත්තු ගලවන්න. කකුල්වල දාඩිය වේලෙන්න දෙන්න. ලේස් නැති සපත්තු තෝරගත්තොත් මේ වැඩේ හරිම ලේසියි. මේ දේවල් පිළිපැද්දොත් ලැජ්ජාවක් බයක් නැතුව පොදු ස්ථානයක සපත්තු ගලවන්න ඔයාලට පුළුවන් වේවි.