Wednesday, May 19, 2010

ඇඳුම් සඳහා වර්ණ ගැලපීම

ඇඳුම් අඳිනකොට වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. මොනතරම් වටින ඇඳුමක් උනත් ඒ සමඟ යොදන අනෙක් ඇඳුමේ වර්ණය සමඟ ගැ‍ලපෙන්නෙ නැත්නම් ඒ ඇඳුම ඇඳීමෙන් වැඩක් නෑ.



වර්ණ ගැලපීමේදී හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් කලර් වීල් (Color wheel) එකෙන්. උදාහරණයක් විදියට ‍රෝස පාට ටී ෂර්ට් එකකට ලා කොළ පාට කලිසමක් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. Color wheel එකේ යාබද වර්ණ හොඳින් ගැලපෙන අතරෙ විරුද්ධ වර්ණ නිවැරදිව භාවිතා කලොත් ගලපගන්න පුළුවන්. ප්‍රධාන දේ මේකයි. වර්ණ ගලපන අතරෙ එම වර්ණ වලම ලා සහ තද වර්ණ අතර වෙනසක් පෙන්වන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදියට තද නිල් ඩෙනිම් කලිසමක් සහ කහ පාට ටී ෂර්ට් එකක්.

තවත් දෙයක් සාමාන්‍යයෙන් කළු, සුදු සහ අළු පාට වෙනත් ඕනෑම වර්ණයක් සමඟ ගැලපෙනවා. මේවා හඳුන්වන්නේ neutral colors ලෙස. ඔබේ ඇඳුමේ මූලික කොටස් මේ neutral colors වලට අයත් නම් දීප්තිමත් වර්ණයක් තෝරාගන්න ඔබට හැකියාව තියනවා. උදාහරණයක් විදියට කළු කබායක් සහ කලිසමකට සුදු කමිසයක් සහ රතු ටයි පටියක් ගැලපෙනවා.

මී ළඟට ඔබේ සමේ වර්ණය වැදගත්. ඔබේ සමේ වර්ණය අඳුරු නම් ලා පැහැති  දීප්තිමත් වර්ණයක් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ ගොඩක් සුදුයි නම් ඉතාමත් අඳුරු වර්ණ වලට නොයා ලා පැහැති සහ මඳක් තද පැහැති වර්ණ තෝරා ගැනීම සුදුසුයි. සාමාන්‍යයෙන් සුදු කමිස හෝ ටී ෂර්ට් ඕනෑම වර්ණයක් සමඟ හොඳින් ගැලපෙනවා.

කලිසම් තෝරන විට ඉතාත්ම වර්ණවත් කලිසම් තේරීමෙන් වලකින්න. ඇඳුමක ඇස යායුත්තේ කලිසමට නෙමේ. කලිසම් සඳහා neutral colors හෝ තද නිල්, කාකි වැනි අඳුරු පැහැයට බර වර්ණ පමණක් තෝරාගන්න නිතරම උත්සාහ කරන්න.

ඒ වගේම දේශගුනය අනුව වර්ණ තෝරාගැනීමත් වැදගත්. දවසේ උෂ්නත්වය ඉතාමත් අධික නම් සුදු හෝ ලා වර්ණ ඇඟලා සිටීම ඔබේ දෛනික වැඩකටයුතු වලදී වඩාත් පහසුවක් වේවි.

වර්ණ වලට අමතරව රටා එකිනෙක ගැලපීමත් වැදගත් . මේ ගැන පස්සෙ දවසක කතා කරමු.

7 comments:

  1. වැදගත් දේශනයක්...

    ReplyDelete
  2. ස්තුතියි. සමහර අයට නම් මේ වර්ණ ගැලපීමට සහජ හැකියාවක් තිබුණත්, අනිත් උදවිය එළ හරකයි මී හරකයි වගේ ඇඳුම් අඳිනවා. මේ දෙවෙනි කාණ්ඩයට‍ මෙහි සඳහන් උපදෙස් ඉතා ප්‍රයොජනවත් වෙයි. ඒ වගේම පළමු කාණ්ඩයේ අයටත් තමන් ඉවෙන් මෙන් නිවැරදිව කරන දේ පසුපස ඇති හේතු තේරුම් ගන්න හැකි වේවි.

    ReplyDelete
  3. ලියපන් ඩෝ..

    ReplyDelete
  4. කෝ.. ඊලඟ පෝස්ට් එක එනකන් අපි බලන් ඉන්නවා :)

    ReplyDelete
  5. ඒ ලියහන්කො බන්

    ReplyDelete
  6. සුපිරි... වෙන වචන නෑ

    ReplyDelete
  7. If you are looking for trendy western wear for men. Then you must visit this online store named Styched Fashion. I shop for all my men fashion wear from here. They have an amazing collection of merchandise across all categories. its super chic & affordable. Their men white top collection is a must have in your wardrobe

    ReplyDelete