Saturday, March 13, 2010

අත් ඔරලෝසු


කාන්තාවන්ට නානාප්‍රකාර ආයිත්තම් තිබුනත් පිරිමින්ට අඳින්න තියන ආයිත්තම් ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. මේ අතර අත් ඔරලෝසු ඉදිරියෙන් ඉන්නවා. අපි බලමු ඔරලෝසුවක් තෝරනකොට දැනගන්න ඕනි කරුණු මොනවද කියල. :)

ඔරලෝසු ප්‍රධාන වශයෙන් බ්‍රේස්ලට් වර්ගයේ ඔරලෝසු, පටි ආකාරයේ ඔරලෝසු සහ ක්‍රීඩා ඔරලෝසු ලෙස බෙදන්න පුළුවන්.

ඔබට කාර්යාලයට යන්න, විවාහ උත්සවයකට යන්න "බ්‍රේස්ලට් වර්ගයේ ලෝහමය ඔරලෝසු" වඩාත් සුදුසුයි. මේ වර්ගයේ ඔරලෝසු වල මළ නොබැ‍ඳෙන වානේ වලින් හදපු පටි තියනව. ‍ඒ ලෝහමය පෙනුම business ඇඳුමකට හොඳින් ගැලපෙනවා. විශේෂයෙන්ම රිදී පැහැයෙන් යුත් ලෝහමය ඔරලෝසු හොඳ පෙනුමක් ලබා දෙනවා. ලෝහමය පටි සහිත ඔරලෝසු රන් පැහැයෙනුත් ලබාගන්න පුළුවන්. ඒත් රන් පැහැය සෑම ඇඳුමකටම ගැලපෙන්නෙ නැහැ. රන් පැහැයෙන් යුත් ඔරලෝසු විවාහ උත්සව වැනි අවස්ථා වලට වඩාත් සුදුසු යි. කල්පනාකාරීව තෝරගන්න. ලෝහමය ඔරලෝසු දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ;)

රන් සහ රීදී පැහැයට අමතර වර්ණ වලට ගලපන්න නම් වඩාත් හරියන්නෙ "පටි සහිත ඔරලෝසු". මේවා විවිධ වර්ණ අනුව ලබාගන්න පුළුවන්. දුඹුරු, කළු, අළු සහ මෙරුන් මේ වර්ණ වලින් සමහරක්. සමහර පටි සහිත ඔරලෝසු වල පටි හදල තියෙන්නෙ සැබෑ සත්ව සම් වලින්. නවීන පෙනුමක් ගන්න ප්ලාස්ටික් පටි සහිත ‍ඔරලෝසු වලට පුළුවන්. B-) සාමාන්‍ය casual ඇඳුමකට පටි ඔරලෝසුවකින් එන්නෙ අමුතුම පෙනුමක්.

ඕනෑම පරිසර තත්වයකට සුදුසු ඔරලෝසු විදියට "ක්‍රීඩා ඔරලෝසු" හඳුන්වන්න පුළුවන්. විරාම ඝටිකා වගේ ක්‍රීඩා සඳහා වන අංග මේ ඔරලෝසුවල තියනවා. ක්‍රීඩා ඔරලෝසු ඇතුලට වතුර යන්නෙ නෑ. (water resistant) ඒ වගේම මේව පැළඳගෙන වතුරෙ කිමිදෙන්න පවා පුළුවන්. ඉතිං ඔබේ ඔරලෝසුව කොච්චර water resistant ද? :-/ ඒක බලන්නේ මෙන්න මෙහෙම. ගොඩක් වෙලාවට ඔරලෝසුව යටපැත්තෙ ATM කියල අගයක් ඇති. මේකෙන් මනින්නෙ කොච්චර water resistant ද කියල.

3 atm (30 m or 100 ft): වැස්ස සහ සුළු ලෙස ජලය
5 atm (50 m or 165 ft): පිහිනීම, වතුරට පැනීම (එහෙත් අධික ලෙස වතුරට පැනීම අහිතකර ය)
10 atm (100 m or 330 ft): පිහිනුම් තටාක වල කිමිදීමට
20 atm හෝ වැඩි ගැඹුරු ස්ථානවල කිමීදීමට 

source http://www.chealwatch.com/water.htm

ඔය කොයි ඔරලෝසු වර්ගයක් ගැලපෙන්නෙ ඒ ඒ තැන් වලට විතරයි. උදාහරණයක් විදියට ක්‍රීඩා ඔරලෝසු කාර්යාලයට සුදුසු වෙන්නෙ නෑ. ඒ නිසා ඔබ තෝරගන්න ඔරලෝසුව ඔ‍බේ දෛනික ජීවිතයටත් ගැලපිය යුතුයි.

ඔරලෝසුවේ මුහුණතේ ප්‍රමාණයත් ඉතා වැදගත්. ඔබ තෝරන ඔරලෝසුවේ මුහුණතේ ප්‍රමාණය ඔබේ අතේ ප්‍රමාණයට ගැලපිය යුතුයි. විශාල අතක් ඇති අයකුට කුඩා මුහුණතක් සහිත ඔරලෝසු හරියන්නෙ නැහැ. එතකොට පේන්නෙ කාන්තා ඔරලෝසුවක් වගේ. ඒ වගේම ඔරලෝසු මුහුණත විවිධ හැඩ තල වලිනුත් ලබාගන්න පුළුවන්.

ඊ ළඟට වැදගත්ම දේ ඔරලෝසුව අතට කොච්චර තද වෙන්ව ඕනිද කියන එක. ඔරලෝසුව බුරුලට එල්ලෙන විදියට බඳින්න එපා. පහළ පින්තූරෙ බලන්න. නිවැරදිව ඔරලෝසුව බඳින්නෙ ඔහොම.


ඔරලෝසුව අතට තද වෙලා තියෙන්න ඕනි වගේම අත නිදහසේ නවන්න සහ චලනය කරන්න පුළුවන් වෙන්න ඕනි. කොටින්ම කිව්වොත් එදිනෙදා වැඩ වලදී ‍ඔරලෝසුව වදයක් වෙන්න ඕනි නෑ.

14 comments:

  1. දැන් බහුතරයක් ඔරලෝසු බඳින්නෙ නෑ. වෙලාව බලන්න මොබයිල් එක තියෙනවනේ. මමත් එහෙම තමා. මගේ අත පොඩි නිසා ඉතින් මට ගැලපෙන්නෙ පොඩි උන් දාන ඒව තමා දානවනම්

    ReplyDelete
  2. මමත් අවුරුදු පහක හයක ඉදන් ඔරලෝසු බදින්නෙ නැහැ, මොබයිල් එක තමයි ඔනම එකකට

    ReplyDelete
  3. මම බඳින්නෙත් නෑ ඔරලෝසු ;)

    කොහොම උනත් ඔරලෝසු බඳින අයට හොඳ ලිපියක් :)

    Good work, kp it up ;)

    ReplyDelete
  4. දැන් කාලෙ හැමෝම ඔරලෝසු වෙනුවට ෆෝන් පාවිච්චි කරනව වගේ. ඔරලෝසුවක් බැන්දම පිරිමි කෙනෙකුට හොඳ පෙනුමක් එනව. ඔරලෝසුවක් පාවිච්චි කරන්නේ නැත්තං ඔය අර ලාබෙට තියන ලොකු බ්‍රේස්ලට් වගේ එකක් වත් පාවිච් කරන්න. :)

    ReplyDelete
  5. අනේ බං.
    අපිත් ආසයි මුහුදු වෙරලේ ඇවිදින්න.
    ඒත් අපිට කොයින්ද බූල් බල්ලෝ...

    /බිඟුවා...!

    ReplyDelete
  6. පොඩි ගැටලුවක්....
    මගේ අත හීනියි. ඒ නිසා ඔරලොසුවක් බැන්දම මට හිතෙන්නේ චාටර් කියලා. ඒ ගැන ඔය මොකක්ද හිතන්නේ? අපිට මොනවගේ එව්වද ගැලපෙන්නේ??

    ReplyDelete
  7. බිඟුවා...!
    මුහුදු‍ වෙරලෙ ඇවිදින්න බූල් බල්ලො ඕනිම නෑ. බල්ලො නැතුවත් ඇවිදින්න පුළුවන්.

    Anonymous
    ලෙදර් හරි ප්ලාස්ට්ක් හරි ටිකක් පුංචි මුහුණතක් තියන සාමාන්‍ය ඔරලෝසුවක් හරි යයි. අත හීනියි කියන්නෙ නිකං ඉරටු වගේ නෙමේනෙ?. එහෙනං කිසිම චාටර් එකක් නෑ. :)

    ReplyDelete
  8. ස්තුතියි...ඔයාගේ reply එකට. නමුත් මම ආසයි රිදී ඔරලොසුවක් බදින්න. ඒත් ඒක මම තදවෙන්න බැන්දොත් චා එකට තියෙයි. මේකට කරන්න කිසිම දෙයක් නැද්ද??
    (Anonymous වෙලා මෙහෙම comment කරනවට සමාවෙන්න.)

    ReplyDelete
  9. @Anonymous
    රිදී අවුලක් නෑ. හැබැයි මට නං හිතෙන්නෙ ඒව හොඳටම හරියන්නෙ අත ටිකක් ලොකු අයට. මොනා උනත් තමන්ගෙ හිතට හරියන දේ තෝරගන්න එක තමා වැදගත්.

    ReplyDelete
  10. මමත් ඉතින් ෆෝන් එකෙන් තමයි වෙලාව බලන්නෙ........ඔරලෝසු බඳින අයට හොඳ ලිපියක්....

    ReplyDelete
  11. ගොඩාක් කල් ඔරලෝසු නොබැද ඉදල,මේ ලදී යේම පටන් ගත්ත වෝලට් ආකාරයේ එකක් බදින්න

    ReplyDelete
  12. ගොඩක් වෙලාවට පෙළදගෙන ඉන්න ඔරලෝසුවෙන් කියන්ට පුළුවන් මිනිහගේ පවුරුෂත්වයත්.. එකත් ADD කලානම් එල.. ස්තුතියි..

    ReplyDelete