Sunday, March 7, 2010

රැවුල බෑම



මේක ටිකක් මාළු බානව වගේ වැඩක් තමා. හොඳ රැවුල බෑමකට සැලකිය යුතු කාලයක් වැය වෙනවා වගේම ඉවසීමකුත් තියෙන්න ඕනි. විශේෂයෙන්ම උදේට රැවුල බාන වැඩේ ඉවසීමෙන් කරන්න ඕනි. හදිස්සියට කරන්න ගියොත් තුවාල වෙන්න පුළුවං වගේම දවසම ප්ලාස්ටර් ගහගෙන ඉන්නත් වෙයි. :p

උදේ නැගිට්ට ගමන් රැවුල බාන්න එපා. මූණේ හම ටිකක් ඇදෙන්න දෙන්න. එතකං ඔන්න තේ එකක් බොන්න වෙලාව තියනව :) . ඔක්කොටම කලිං, රැවුල ගොඩක් වැවිල නම් කතුරක් අරං ට්‍රිම් කරගන්න පුළුවන්. එතකොට රැවුල බානකොට වේදනාව අඩුයි. මුලින්ම මූණ මඳ උණුවතුරෙන් සෝදගන්න. මඳ උණු වතුර නිසා රැවුල් ගස් කෙලින් වෙනවා. එතකොට රැවුල බාන්න ලේසියි. මූණ උණු වතුරෙන් සේදුවට රේසරය සෝදන්න ඕනි ඇල් හෝ අයිස් වතුරෙන්. එතකොට හොඳට කැපෙනව.

දැන් ශේවිං ක්‍රීම් ගාගන්න. එතකං රේසර් එක අයිස් හෝ ඇල් වතුරේ දාල තියන්න පුළුවන්. ශේවිං ක්‍රීම් වෙනුවට සබන් පාවිච්චි කරන්න එපා. සබන් නිසා රේසරය කැපෙනගතිය අඩි වෙනවා. මේ නිසා රැවුල බෑවට පස්සෙ මූණ දනව වගේ දැනෙයි. ශේවිං ක්‍රීම් ගොඩක් පාවිච්චි කරන්නත් එපා. සාමාන්‍ය ගානට ගාගන්න. ශේවිං ක්‍රීම් හෝ ෆෝම් මුහුණේ උඩු අතට ගාගන්න.

රැවුල බාන්න හොඳ රේසරයක් තෝරා ගැනීමත් ඉතා වැදගත්. ඔය ලාබෙට තියන රේසර් වර්ග වල සමහර වෙලාවට තියෙන්නෙ බ්ලේඩ් තල එකයි. දෙකක් තිබුනත් ඒවයෙ නියම ප්‍රමිති නැත්නං තුවාල වෙන්න පුළුවං. ගොඩක් වෙලාවට එහෙම රේසර් පාවිච්චි කරන්න පුළුවන් දෙතුන් වතාවක් තමා. තල මාරු කරන්න පුළුවන් රේසර් තෝරගන්න. මේව ටිකක් ගනං උනාට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවං. ඒ වගේම ඒවයේ බ්ලේඩ් තලය තියන කොටස ඉතාමත්ම නම්‍යශීලියි. මේ නිසා විශේෂයෙන්ම ගෙල ප්‍රදේශයේ රැවුල ඉතාමත්ම ලේසියෙන් බාගන්න පුළුවන්.

රැවුල බානකොට කම්මුල් ප්‍රදේශයෙන් ආරම්භ කරන්න. ඉහල සිට පහලට, දිගට, රේසරේ ඇදගෙන යන්න. පහල සිට ඉහලට අදින එක ඒතරම්ම හොඳ වැඩක් නෙමේ. මූණ සීරෙන්න පුළුවන්. ‍නිතරම රැවුල බානකොට හම ඇදිල තියෙන්න ඕනි. මූණ දෙපැත්තට හරවනකොට මතක ඇතුව මූණ ඇල කරන්න එපා. එහෙම කලොත් කන් දෙක ළඟ කො‍න්ඩෙ ඉවර වෙන තැන කපනකොට ඇදවෙයි :( . රේසරේ වැඩිය තද කරන්න එපා. නිතරම හොඳ මුවහත් තලයක්ම පාවිච්චි කරන්න. රැවුල බාන අතරමග රේසරය විටින්විට මඳ උණුවතුරට දාන්න. එතකොට අර ශේවිං ක්‍රීම් සේදිලා යනව. කපන්න කලින් ආයෙත් අයිස් හෝ ඇල් වතුරට දාන්න.

ඊ ළඟට නාසයට පහල රැවුල බාගන්න. එවගේම ගෙල සහ නිකට ආසන්න ප්‍රදේශය. විශේෂයෙන්ම නිකට ප්‍රදේශය සඳහා කෙටි කැපුම් භාවිතා කරන්න. සම්පූර්ණ මුහුණේම රැවුල බාල අවසන් වුනාම මුහුණ හොඳින් සෝදන්න. දැන් බලන්න මූණේ මඟ ඇරුනු තැන්. ඒ තැන් ආයෙමත් රේසරෙන් බාගන්න වෙනව. සියල්ල අවසන් වුනාම මුහුණ සීතල වතුරෙන් හොඳින් සෝදගන්න. සීතල වතුර නිසා මූණේ සීරුණු තැන් වලට සහනයක් දැනෙයි. මීළඟට ‍after shave ‍ස්වල්පයක් මුහුණේ ආලේප කරන්න පුළුවන්. නැත්නම් මොයිස්චරයිසර් වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන් :) .

13 comments:

  1. ම්.. එළකිරි සහෝ..

    උණු වතුර, ඇල් වතුර සීන් එකනම් මම අදමයි දැනගත්තෙ..

    රැවුල බෑම දැනට නං එච්චර බරපතල සීන් එකක් නෙමෙයි.
    රඹුටන් ලෙල්ල වගේ නෙ මගෙ රැවුල.. හි හි...

    ReplyDelete
  2. මම සම්පූ‍ර්ණයෙන්ම රැව්ල බෑවොත් මාර චාර්ටර් ලුක් එකක් තමා එන්නෙ. ඒ නිසා මම අර කොන්ඩෙ කපන මැෂින් එකක නෝට් එකට දාල රැව්ල කපනවා. එතකොට මම මාර ස්මාර්ට් කියල එයා කිව්ව. :-) අනික ඉතින් මහණ වෙලා හිටපු කාලෙ ගත්ත මැෂින් එකෙන් වැඩකුත් තියෙන්න එපාය.

    ReplyDelete
  3. මචන් අපෙ රැවුල නැනෙ බO,එකට මොකද කරන්නෙ

    ReplyDelete
  4. @Anonymous 1
    රඹුටන් :D

    @තරිඳු
    එයා කියනවනං ඉතිං අවුලක් නෑ. හැබැයි කාලෙන් කාලෙට වෙනස් දේකුත් කරල බලන්න.

    @Anonymous 2
    :)

    @දිlee
    රැවුල වවන්න ඕනි නං තියන රැවුල නිතරම කපන්න ඕනි. එතකොට තව තව වැවෙනව.

    ReplyDelete
  5. කියල වැඩක් නෑ! ආයෙත් සුපිරි ලිපියක්. කියවගෙන යන්නත් පුලුවන් ආසාවෙන්.

    මේ බ්ලොග් එක නං මරු!

    ReplyDelete
  6. @Supun Sudaraka
    ස්තූතියි :)

    ReplyDelete
  7. අනේ මන්දා... රැවුල බාන එක ලෝකේ තියෙන අමාරුම කර්තව්‍ය වලින් එකක් මට නම්. මම අදයි දැනගත්තේ උණු වතුර ඇල් වතුර සීන් එක.. බොහොම ස්තුතියි ලිපියට...

    ReplyDelete
  8. @Pathum Punchihewa
    රේසරේ හොඳ නං ක්‍රමේ දන්නව නං වැඩේ හරි ලේසියි :)

    ReplyDelete
  9. හොද ශේවින් ක්‍රීම් වර්ගයක් කිව්වා නම් ???

    ReplyDelete
    Replies
    1. මන් නම් use කරන්නේ Gellette තමයි

      Delete
  10. රැවුල වැවෙන එක පරක්කු කරන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
  11. තෑන්ක්ස් ...
    පට්ට පට පට...

    ReplyDelete